ITN අර්බුදයක් : ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ

රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ...


රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට දැඩි ලෙස අවවාද කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ස්වාධින රුපවාහිනි සේවයේ වෙළඳ සලකුණ වෙනස් කිරීමටත් එහි රාත්‍රී වැඩසටහන් සංශෝධනය කිරීමටත් තම විරෝධය පළකරමින් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ 'ටුවිටර්' පණිවිඩයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් අගමැතිවරයා, අද දහවල් ජනමාධ්‍ය ලේකම්වරයා කැඳවා එසේ අවවාද කර ඇත.

රටේ ප්‍රතිපත්ති හදන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් දැයි එහිදී විමසා ඇති අගමැතිවරයා, අනවශ්‍ය බාධා කිරීම් නොකරන්නැයි දැඩි ස්වරයෙන් පවසා තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රජය සතු ජාතික රුපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේත්, ලේක්හවුස් පුවත්පත් ආයතන හා ස්වාධින රුපවාහිනිය අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේත් පවත්වාගෙන යාමට එකඟත්වයකට පැමිණ තිබිණ.

අගමැතිවරයා විසින් ස්වාධින රුපවාහිනියේ සභාපති ලෙස අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි පසුගියදා පත්කරනු ලැබුවේ ඒ අනුවය.

අතාවුදහෙට්ටි සභාපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ආයතනය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත අතර, වැඩසටහන් ද මුළුමනින්ම වෙනස් කිරීමට කටයුතු කර ඇත.

ITN FM - ITN TV - WASANTHAM


ඒ අනුව, 'ලක්හඬ' ගුවන් විදුලිය ITN FM ලෙසත්, 'වසන්තම්' රුපවාහිනිය WASANTHAM TV ලෙසත්, 'වසන්තම්' ගුවන් විදුලිය WASANTHAM FM ලෙසත් නම් කිරීමටත්, ඒවායේ වෙළඳ සලකුණු වෙනස් කිරීමටත්, ITN TV මැදියම් රාත්‍රී වැඩසටහන් වැඩිහිටියන්ට සුදුසු පරිදි විකාශය කිරීමට තීන්දු කර තිබු අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ද දියත්කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය දැනුවත් නොකිරීම පිළිබඳව ලේකම්වරයා, දුරකතන ඇමතුමක් ලබාදෙමින් ITN සභාපති සමන් අතාවුදහෙට්ටි ගෙන් ඊයේ විමසා ඇත.

වැඩිහිටියන්ට සුදුසු රාත්‍රී වැඩසටහන් සම්බන්ධයෙන් විපක්ෂයෙන් බලවත් විරෝධයක් එල්ලවිය හැකි බවත්, එය රජය අපහසුතාවයට පත්කිරීමක් විය හැකි බවත් එහිදී පවසා ඇති ලේකම්වරයා, ජනාධිපතිවරයා සමග ජනමාධ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති විදේශගතව ඇති මොහොතක මෙවැනි පියවරක් නොගන්නැයි ඉල්ලා තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති සභාපතිවරයා, මෙම තීරණය රජය විසින් ගත් ප්‍රතිපතිමය තීරණයක් බව පැහැදිලිකර ඇති අතර, ITN ආයතනය මුදල් අමාත්‍යංශය යටතේ පවතින බැවින් මේ සම්බන්ධයෙන් ලේකම්වරයාට බලපෑමක් එල්ලනොවන බව සඳහන් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ITN තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළකර 'ටුවිටර්' සටහනක් යොදා ඇත්තේ ඉන් අනතුරුවය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5830881415874365996

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item