එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද - එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දුමින්ද දිසානායකත්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන යෝජනාවලියට පක්ෂයේ අනුමැතිය ලබාගැනීම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ අරමුණ වී තිබේ. මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ද සහභාගී වී සිටි බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙන්ම ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 47511823959909864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item