කයිකතන්දර ටිකක් ඇරෙන්න රටට වෙන දෙයක් නෑ. පාලකයින් බලය පෙන්වීමට සමුළු පවත්වනවා (VIDEO)
වත්මන් පාලකයින් ජනතා ගැටළු විසඳීම පසෙකලා තමන්ගේ බලය පෙන්වීම සඳහා සමුළු පවත්වමින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත ...

https://www.sathhanda.com/2016/09/video_12.html
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (11) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් උන්වහන්සේ කියාසිටියේ," ජාතික ආණ්ඩුවක් තියෙනවා. ඇමතිවරුන්ගේ කයිකතන්දර ටිකක් ඇරෙන්න මේ රටට වෙන දෙයක් නෑ. අපේ බඩගින්න පිළිබඳ ප්‍රශ්න, අපේ රැකියා පිළිබඳ ප්‍රශ්න ආදී දේවල් සම්බන්ධව රටේ ආණ්ඩුව සිදුකරන දෙයක් අපට පේන්න නෑ. හැබැයි ඒ වෙනුවට ඔවුන් බොහෙම උද්දාමෙට, මහජන දේපල අතිශය ලෙස කාබාසිනියා කරමින් අද ඔවුන්ගේ සමුළු පවත්වනවා. ඔවුන්ට තියෙන්නේ තමන්ගේ බලය පෙන්නගන්න සමුළු සැණිකෙළියක්." යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ පැවති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද එකම ක්‍රියාමාර්යක නියැලෙන බවයි.
වීඩියෝව පහතින්.
Related