වෛද්‍ය සංගමෙන් ඇමති අකිලට අභියෝගයක් (VIDEO)
රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ විවාදයක් හෝ සාකච්ඡාවක්...
https://www.sathhanda.com/2016/09/video_69.html?m=0
එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එම මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අභියෝගයක් ද එල්ල කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද හේරත් මහතා," අධ්‍යාපන අමාත්‍යතුමාට අපි අභියෝගයක් කරනවා පුළුවන්නම් මේ වර්ෂයේ මාර්තු 31වෙනිදායින් පස්සේ ජනප්‍රිය කියන පාසල්වලට ඇතුළත් කරපු ළමයින්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න. ඒ එක් එක් දරුවා ඇතුළත් කළේ කුමන පදනමින් ද කියලත් සඳහන් කරන්න" යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්.

Related