අපිට හොරා කිය කියා ආණ්‌ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරනවා - මහින්ද

අද මේ ආණ්‌ඩුව පළාත් පාලන ඡන්දය තියා සමුපකාර ඡන්දයවත් තියාගන්න බය වෙලා පරදියි කියලා. අධ්‍යාපනය විනාශ කරලා. මිහින් ලංකා ගුවන් සේවය අපේ කාලේ...

අද මේ ආණ්‌ඩුව පළාත් පාලන ඡන්දය තියා සමුපකාර ඡන්දයවත් තියාගන්න බය වෙලා පරදියි කියලා. අධ්‍යාපනය විනාශ කරලා. මිහින් ලංකා ගුවන් සේවය අපේ කාලේ ලාභ ලැබුවා. අද එක පාඩුයි කියලා විකුණා දැම්මා. පික්‌පොකට්‌කාරයා හොරා අල්ලන්න දුවනවා වගේ. අපිට හොරා කිය කියා මේ අය ජනතාවගේ මුදල් හොරකම් කරනවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය. 

ඒ මහතා එසේ පැවසුවේ පසුගිය (28 දා) දැරණියගල ශ්‍රී සුමන සමන් දේවාලයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රැස්‌ව සිටි ජනතාව අමතමිනි. 

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද කීය. වැට්‌ බද්ධ වැඩි කිරීම හරහා ආණ්‌ඩුව රෝගීන් සූරා ගෙන කනවා. වැට්‌ එක වැඩි කිරීමට ආණ්‌ඩුවට අවශ්‍ය නෑ. හොරා කන එක නැවැත්තුවා නම්. එක සමාගමක්‌ එක්‌ක ආණ්‌ඩුව ඩිල් දාලා බිලියන 15 ක්‌ සමාගමට දීලා. අද වෙනකොට මේ ආණ්‌ඩුව වැටිලා තියෙන්නේ.

අද පන්සලක, දේවාලෙක අලියෙක්‌ තියා ගන්න බෑ ගෙනියනවා. අපේ කාලේ කතරගම දේවාලයට ලබා දුන්නු අලිය මේ අය අරන් ගිහින් පින්නවල අලි අනාථාගාරයේ දාලා ඉන්නවා. කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා මෙහෙම කරන කොට දේව සාප ඇති නොවෙයිද? ජනාධිපතිවරයා කලබල වෙලා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට රහස්‌ පොලිසියට අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ට දොස්‌ කීවා. අද මේ ආණ්‌ඩුවේම අය කියනවා ආණ්‌ඩුව හොරකම් කරනවා කියලා. අද ආණ්‌ඩුවට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා. ජනතාව ඉල්ලන්නේ මොනවාද ඒවා දෙනවා. ජනතාව ඉන්නේ කොතනද මමත් එතන ඉන්නවා.

මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන වත්සලා ජිනාදරී, අජිත් ශාමින්ද, හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි. ජී. පද්මසිරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්ම මහත්මීහුද සහභාගි වී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5340830246204395882

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item