අගුණකොලපැලැස්සේ ද්විත්ව ඝාතනයක්
අගුණකොලපැලැස්ස මුරවැටිහේන ප්රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම ප...
https://www.sathhanda.com/2016/10/blog-post_16.html?m=0
අගුණකොලපැලැස්ස මුරවැටිහේන ප්රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ පියෙකු සහ පුතෙකු වන අතර පියාගේ වයස අවුරුදු 60 ක් සහ පුත්රයා 30 හැවිරිදි වියේ පසු වනවා.
මෙහි දී බරපතල තුවාල ලැබූ මව සහ තවත් පුතෙකු තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වෙනවා
ඊයේ (09) රාත්රීයේ දී පුද්ගලයින් කණ්ඩායමක් නිවසට බලහත්කාරයෙන් ඇතුලු වී මෙම ඝාතන සිදු කර තිබෙන බවයි පොලිසිය සැක කරන්නේ.
කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අගුණකොලපැලැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


Related