වැද්දන්ට කැලේට ඇතුළුවීම තහනම් කරලා – වැදි නායකයා කියයි

අද වන විට වැද්දන්ට කැලේ අතුලට යාම තහනම් කර ඇති බව ආදී වාසි නායක ඌරැවරිගේ වන්නිල ඇත්තෝ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තම පරපුර පාරම්පරික ස...

අද වන විට වැද්දන්ට කැලේ අතුලට යාම තහනම් කර ඇති බව ආදී වාසි නායක ඌරැවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තම පරපුර පාරම්පරික සම්ප‍්‍රදායන් අනුව ජීවත්වීමේ නිදහස නැති වීම නිසා නවීකරණය හමුවේ අසරණ වී වදවී යෑමට ඉඩ නොදී රැකගැනීමට මහත් අරගලයක් කිරීමට සිදුව ඇති බවය.

‘වැද්දා කියන්නේ දඩයක්කාරයා හා රැස්කරන්නා කියන තේරැමයි. අද වන විට ලෝකයේ සියළු රටවල්වලම ඒවායේ ආදිවාසීන්ට දඩයම් කරමින් කැලය තුළ ජීවත්වීමේ අයිතිය තිබෙනවා. අපටත් හැට වසරකට පෙර ඒ නිදහස තිබුණා. නමුත් අද වන විට අපට වනයේ ජීවත්වීමට තබා ලී කෝටුවක් කපා ගැනීමටවත් වනයට ඇතුළුවීමට තහනම්.

අද අපේ වරිගයා ජීවත් වීම සදහා සංචාරකයන්ට නැටුම් පෙන්වා කීයක් හරි හොයාගන්නවා. තව කොටසක් ගඩාගෙඩි හා වන ඔසු විකුණනවා. අද අපි සංචාරකයන්ගේ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙලා. අපට හේන් ගොවිතැනට උවමනා පහසුකම් පවා නැහැ’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7368890679031621538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item