ඇමතිවරයා මාධ්‍ය සන්දර්ශන කරනවා, රෝහල්වල සේලයින් බටයක්වත් නෑ - හෙද සංගමය

වටිනා බෙහෙත් වර්ග පවා දැන් රෝහල්වලින් ලබාදෙන බවට ඇමතිවරයා මාධ්‍ය සන්දර්ශන පැවැත්වුවද බොහො රෝහල්වලට සේලයින් බට, සිරින්ජර් පවා ලබාදීමට ඔහු ...

වටිනා බෙහෙත් වර්ග පවා දැන් රෝහල්වලින් ලබාදෙන බවට ඇමතිවරයා මාධ්‍ය සන්දර්ශන පැවැත්වුවද බොහො රෝහල්වලට සේලයින් බට, සිරින්ජර් පවා ලබාදීමට ඔහු අසමත් වී ඇති බව සමස්ත ලංක හෙද සංගමය පවසයි.

මේ නිසා බොහෝ රෝහල්වල රෝගීන්ට සේලයින් ලබාදීමේදී රෝහල් සේවකයන් දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවත් සේලයින් ලබාදීමට නම් සේලයින් බට පිටත් ගෙනැවිත් දෙන ලෙස රෝගීන්ගෙන් ඉල්ලා සිටීම සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. පෞද්ගලික වෙළඳසැල්වල ද මේ වනවිට සේලයින් හිඟයක් ඇතැයි පෙන්වා දෙන එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ පවසන්නේ මෙම හිඟයට පිළියම් යෙදීමට විෂයභාර අමාත්‍යවරයා වහා කටයුතු කළයුතු බවයි.


මීට අමතරව සිරින්ජර් මෙන්ම රෝහල් සේවකයන් භාවිතා කරන අත්වැසුම්, මුඛවාඩම් හිඟයක් ඇතිවී තිබෙන බවත් මේ නිසා අපහසුතාවයට පත්වන්නේ හෙද නිළධාරීන් ඇතුළු රෝහල් සේවකයන් බවත් ඔහු පෙන්වා දෙයි.

සේලයින් බට ලක්ෂ දෙකක දෛනික අවශ්‍යතාවයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය හොඳින්ම දන්නා බවත් වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා අවසානයේ දුෂ්කරතාවට පත්වන්නේ මහජනයා සහ රෝහල් කාර්යමණ්ඩලය බවත් ඔහු අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1633044636985348225

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item