සියලු ඉන්දීය වැඩසටහන් පාකිස්තානය තහනම් කරයි
ඉන්දියාවෙන් පැමිණෙන සියලු ආකාරයේ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් සියල්ල තහනම් කිරීමට පාකිස්තානය කටයුතු කර ඇති අතර, කිසියම් නාලිකාවක් එවැන...

https://www.sathhanda.com/2016/10/blog-post_636.html
කෙසේ වෙතත්, මෙම තහනම පිළිබඳව පාකිස්තානයේ ක්‍රියාත්මක කේබල් නාලිකා මෙන්ම, ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයන් දැඩි අප්‍රසාදයක් පළ කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම මෙම කේබල් නාලිකාවල ඉන්දියානු සෝප් ඔපෙරා මාදිලියේ කතා මාලාවන් පාකිස්තානය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබීම මීට හේතුවයි.
කාශ්මීරයේ පරිපාලනය සම්බන්ධයෙන් පසුගිය ජූලි මාසයේ සිට දෙරට අතර පවතින මතභේදකාරී තත්ත්වය මෙම උණුසුම් තත්ත්වයට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එය පසුගිය සැප්තැම්බර් මාසයේදී වඩාත් උග්‍ර අතට හැරුණු අතර, කාශ්මීරයේ ඉන්දීය හමුදා කඳවුරක් වෙත පාකිස්තාන සටන්කාමීන් එල්ලකළ ප්‍රහාරයකින් හමුදා සෙබළු 18ක් ජීවිතක්ෂයට පත්විය.
මෙම සටන්කාමීන් වෙත අවිආයුද සපයන බවට ඉන්දියාව පාකිස්තානය වෙත දෝෂාරෝපණයකළ අතර, ඉන්දියාවේ බොලිවුඩ් හි රංගනයේ යෙදෙන පාකිස්තාන නළු නිළියන් එම කර්මාන්තයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව යමින් පාකිස්තාන සිනමාවද බොලිවුඩ් චිත්‍රපට මෙන්ම ඇතැම් ඉන්දීය නාලිකාවන්ද තහනම් කරන්නට වූ අතර, එහි අලුත්ම පියවර ලෙස මේ ආකාරයෙන් සියලු ඉන්දීය රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා තහනම් කර තිබුණි.
Related