සිලෝන් ප්‍රින්සස් නෞකාව අද කොළඹට

ශ්‍රීලංකා නැව් සංස්ථාව සඳහා මිලදීගත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් නෞකාව අද(05දා) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. ගල්අඟුරු ටොන් 61,...

ශ්‍රීලංකා නැව් සංස්ථාව සඳහා මිලදීගත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් නෞකාව අද(05දා) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය.

ගල්අඟුරු ටොන් 61,000 ක් රැගෙන දකුණු අප්‍රිකාවේ සිට මවුරටට පැමිණෙන සිලෝන් ප්‍රින්සස් නෞකාව පිළිගැනීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශය පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයීම සඳහාම මෙම නෞකාව නිෂ්පාදනය කර ඇති අතර, ශ්‍රී ලංකා නැව් සංස්ථාව මේසඳහා නෞකා 02 ක් නිෂ්පාදනය ආරම්භ කරන ලද්දේ 2014 වර්ෂයේදීය.

මෙම නෞකා ද්විත්වයම චීනයේදී නිෂ්පාදනය කර ඇති අතර, එහි පළමු නැව වන සීලෝන් බ්රීස් නෞකාව පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණියේය. ඒ අනුවදෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් මෙලෙස හෙට දිනයේදී කොළඹ වරායටසේන්දුවීමට නියමිතය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 378619968665805318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item