විරෝධතාවක් - කොටුව අවට මාර්ග අවහිර වෙයි

වතුකම්කරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම අවට මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වේ. ම...

වතුකම්කරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුම අවට මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබේ.

තම දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයෙන් මෙම පා ගමන ආරම්භ කර තිබුණි.

විරෝධතාවයේ නිරත වන්නෙකු ප්‍රකාශ කළේ මෙලෙස පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් තම ඉල්ලීම ඇතුළත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීමට නියමිත බවයි.

එසේ වුවද මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යන මාර්ගය පොලිස් බාධක යොදා අවහිර කර ඇති බවත්, පොලීසිය විසින් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවසර ලබාදිය හැකි බවට විරෝධතාකරුවන්ට නිවේදනය කොට ඇති බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4716708212175565675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item