යාපනයේ ආරක්ෂාව තව දුරටත් – එක් සිසුවෙකුගේ අවසන් කටයුතු අද

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව යාපනය ප‍්‍රදේශයට තර කර තිබූ ආරක්ෂාව තව දුරටත් බලපැවැත්වෙනවා. නෙත් න...

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව යාපනය ප‍්‍රදේශයට තර කර තිබූ ආරක්ෂාව තව දුරටත් බලපැවැත්වෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ මිය ගිය එක් සිසුවෙකුගේ අවසන් කටයුතු අද (23) සිදු කෙරෙන බවයි.

එනම් අදාළ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් නඩරාජා ගජන් නැමැති සරසවි සිසුවාගේ අවසන් කටයුතුයි. ඔහු පදිංචි කිළිනොච්චි භාරතීපුරම් දකුණ ගම්මානයේ පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු වෙනු ඇති.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා වන යාපනය ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා දිනයේදී සිදු කිරීමට නියමිතයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2458698801038096280

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item