සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය 'රහසිගත අතයට මුදල් ගනුදෙනුවක්'?
අවුරුදු හැට දෙකක ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික ආයතනයට අයත් සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිව...

https://www.sathhanda.com/2016/10/blog-post_669.html
සුදර්ශී ශාලාව සහ භූමිය ජපානයේ 'සසකාවා' සංවිධානයට විකුණා දැමීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් යම් කිසි පුද්ගලයකු ප්‍රබලව පෙනී සිටින බවත් 'සසකාවා' සංවිධානය සමග ඇතිකරගත් මුදල් ගනුදෙනුවක් ඊට හේතු වී ඇතැයි සැක කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
අදාළ ගොඩනැගිල්ල සහ ඉඩම විකුණා දැමීම සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වී තිබුණත් එය එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට නීත්‍යානුකූල බලපත්‍රයක් නොවන බව සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අවධාරණය කරයි.
එවකට තමා කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී අදාළ යෝජනාවට විරෝධය පළ කළ නමුත් කැබිනට් සාකච්ඡාවට නොපැමිණි දිනක අදාළ යෝජනාව සම්මත කර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
"අද මේ ක්‍රියාමාර්ගය පිටුපස වෙනත් පුද්ගලයෙක් ඉන්නවා. මට හිතෙනවා ඔහු සූක්ෂ්ම ලෙස වර්තමාන ජනාධිපතිතුමාගේ හිතට ඇතුල් කොට තිබෙනවා මෙය ජපාන ආණ්ඩුවේ ඉල්ලීමකට අනුව සිදු වන්නක් බවට," හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් සසකාවා යනු ජපානයේ ආණ්ඩුවට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් බව හිටපු ඇමතිවරයා පේනවා දෙයි.
"සහන මිල ගණන් යටතේ පුහුණු වීමට සහ ඒකරාශී වීමට කලාකරුවන්ට තිබෙන එකම භූමිය මේ සිංහල සංස්කෘතික ආයතනයයි. එය ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයකට විකුණා දමන්න එපා කියන ඉල්ලීම අපි කරනවා."
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම භූමිය දේශීය කලාකරුවන්ගේ මතු ප්‍රයෝජනයට ඉතිරි කොට සසකාවා සංවිධානයට වෙනත් භූමියක් ලබා දීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවත් සිංහල සංස්කෘතික ආයතනය අහිමි වීම එහි සාමාජිකත්වය දරන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු සංස්කෘති නියෝජනය කරන කලාකරුවන්ට එකසේ බලපාන බැවින් එය රැක ගැනීමට සියලු දෙනා එක් වී කටයුතු කරනු ඇති බවත්ය.
(බීබීසි සංදේශය)
Related