සිසු දෙදෙනාගේ මරණය සැඟවීමට පොලිසිය උත්සාහ කළා

යාපනය සරසවි සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධිය සැඟවීමට පොලීසිය උත්සාහ කළ බවට දෙමල ජාතික සන්ධානය චෝදනා කරයි. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු ...


යාපනය සරසවි සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධිය සැඟවීමට පොලීසිය උත්සාහ කළ බවට දෙමල ජාතික සන්ධානය චෝදනා කරයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ රිය අනතුරක් බව පවසා ප්‍රදේශවාසීන් මුලා කිරීමට පොලීසිය මුලදී කටයුතු කළ බවයි.

යාපනය, කොක්කුවිල් කුලප්පිට්ටි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පසුගියදා සොයාගැනිණ.

එලෙස මියගිය එක් සිසුවෙකුගේ සහෝදරයෙකු 2006 වසරේ අගෝස්තු මස 09 වනදා උඩුවිල් ප්‍රදේශයේදී අතුරුදන් වී ඇති අතර මෙතෙක් ඔහු පිළිබඳ තොරතුරක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා පවසා ඇත.

සරසවි සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියේදී පොලීසිය කටයුතු කළ ආකාරය හේතුවෙන් උතුරේ ජනතාව පොලීසිය පිළිබඳ සැකයකින් පසුවන බව ඔහු පෙන්වාදී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8919687731342400746

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item