පාද සටහන්වලින් කෝප් වාර්තාවේ නිර්දේශවලට හානියක් නෑ

“ කෝප් කමිටුවේ සභාපති ධූරය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් විට අඳුරයි ආලෝකයයි අතර තියෙන වෙනස වගේ “ යැයි ...

“ කෝප් කමිටුවේ සභාපති ධූරය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් විට අඳුරයි ආලෝකයයි අතර තියෙන වෙනස වගේ “ යැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා   පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) ‍කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ,

“ කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට සුනිල් හඳුන්නෙත්ති මහතා නිර්දේශ සහිතව කෙටුම්පතක් කෝප් කමිටුවට ඉදිරිපත් කරනවා. ඒකෙ පොදු නිර්දේශ කියලා කාරක සභාවේ යම් නිර්දේශ ප්‍රමාණයකුත් ඉදිරිපත් කරනවා. ඒ සියලු පොදු නිර්දේශවලට සියලු මන්ත්‍රීවරු එකඟ වෙනවා. 

කෝප් කමිටුවේ සාකච්ඡා තියෙන්නෙ මාස 18 ක පරීක්ෂණවලින් පසුව. සියලු මන්ත්‍රීවරු සාකච්ඡාවේ සියලු කරුණුවලට එකඟ නැහැ. ඒ නිසා පාද සටහන් යොදලා තියෙනවා. ඒත් ඒ පාද සටහන් යෙදීම නිසා සුනිල් හඳුන්නෙත්ති මහතා හා විගණකාධිපතිවරයා ඉදිරිපත් කරපු නිර්දේශ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. 

මෙතන මූලික ප්‍රශ්නය තමා 2008 න් පස්සෙ වෙන්දේසි ක්‍රමය ද, සෘජු ක්‍රමය ද භාවිතා කරන්නෙ කියන ප්‍රශ්නය. ඒකට අදහස් දෙක තුනක් තියෙනවා. ඒ අදහස් තමා පාද සටහන්වලින් පෙන්නුම් කරන්නෙ.

කෝප් එක මාධ්‍යයට විවෘත විය යුතුයි. කථානායක ඒ සඳහා අනුමැතියක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෝප් කමිටුවේ සභාපති ධූරය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දීම පවා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තම අඳුරයි ආලෝකයයි අතර තියෙන වෙනස වගේ. අපි හැමෝගෙම ගෞරවය එතුමාට තියෙනවා. 

කෝප් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පළ කළ අදහසක් සම්බන්ධයෙන් ද මෙහිදී මෙතුමා අදහස් පළ කර සිටියේය, අජිත් පී. පෙරේරා කියනවා අපරාධයක් වුණා නම් පරීක්ෂණයක් කරන්න කියලා. ඔහු කියන එක කාරක සභාව පිළිගත්තා. ඒත් අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා වාර්තාවෙ කොහෙවත් නැහැ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2188960991836025598

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item