දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර යළි ගොඩගනී

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා සියදිවි හානිකර ගත් බව කියන හිටපු බුද්ධි අංශ නිලධාරී එදිරිසිංහ ජයමාන්නගේ ...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා සියදිවි හානිකර ගත් බව කියන හිටපු බුද්ධි අංශ නිලධාරී එදිරිසිංහ ජයමාන්නගේ දේහය අද(19) යළි ගොඩගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදුන් නියෝගයක් මත කෑගල්ල මහේස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා ඉදිරියේ වැඩිදුර පරීක්ෂණ කටයුත්තක් සඳහා එම සිරුර ගොඩගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ සදහා රහස් පොලිසියේ කණ්ඩායමක් කෑගල්ල ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඉලන්දරගේ ජයමාන්න නමැති අදාළ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා තමන් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයා ගනු ලැබුවේ පසුගිය 14 වැනිදා අලුයම් කාලයේදීයි. ඉන් අනතුරුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කළේය.

ඔහුගේ දේහය පසුගියදා කෑගල්ල, පුවක්දෙණිය පොදු සුසාන භූමියේ මිහිදන් කළේය. 

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයාගේ සිතුවමක් පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කළ ඡායාරූපය හා ගෙලවැලලාගත් බව කියන පුද්ගලයාගේ ඡායාරූපයක් සමාන බවට විවිධ මත පළ විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4779306286821012358

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item