මහින්ද රාජපක්ෂ මොරගහකන්දට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) මොරගහකන්ද ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය දැක බලාගැනීම සඳහා ගොස් තිබෙනවා. එහිදී ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) මොරගහකන්ද ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය දැක බලාගැනීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා ව්‍යාපෘති වැඩබිමේ සිටි සේවකයින් සමගද කතාබහ කර ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුකෙරෙන අයුරුද නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට වෙනත් කිසිඳු දේශපාලඥයෙකු සහභාගී නොවීමද විශේෂත්වයක්.

හිටපු ජනාධිපතිවරයා එහි ගොස් ඇත්තේ පොළොන්නරුව සෝමාවති පුදබිමේ පැවති කඨින පිංකමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි අතරතුරයි.

මොරගහකන්ද ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එම යෝජනාව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එම ආණ්ඩුව තුළ තමාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

පසුගියදා මොරගහකන්ද වේල්ල සහ දියවර නිකතුවේ මංගල උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය නොසලකා හැර තිබියදී තමා කෘෂිකර්ම හා මහවැලි අමාත්‍යවරයාව සිටියදී මෙම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අවශ්‍යතාව දැඩිව පෙන්වා දෙමින් එය ආරම්භ කිරීම සඳහා දැඩිව කැපවුණු බවයි.

හිටපු ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය නිරීක්ෂණය කරන අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5849164124783390252

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item