මුතුර් වල පුපුරන ද්‍රව්‍ය(TNT) කිලෝ 17ක් තබාගත් මුහුදු කොටියා අධිකරණයට භාරවෙයි

ත්‍රිකුණාමලය මුතූර් සාම්පූර් ප්‍රදේශයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ සඟවාගෙන සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි මු...

ත්‍රිකුණාමලය මුතූර් සාම්පූර් ප්‍රදේශයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ සඟවාගෙන සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි මුහුදු කොටි බළකායේ හිටපු කොටි ප්‍රබලයා මුතූර් අධිකරණය වෙත ඊයේ (11 වැනිදා) දහවල් භාරවී ඇත.

මෙසේ අධිකරණය වෙත භාරවූ කොටි සංවිධානයේ මුහුදු කොටි බළකායේ හිටපු ප්‍රබලයකු වූ තනේෂ් නමැත්තා ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මුතූර් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

මුතූර් සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික සිල්වා, පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විමලදාස යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ වැටලීමකදී සාම්පූර් කොක්‌කච්චි මුහුදු තීරය ආසන්නයේ ස්‌ථාන දෙකක වළ දමා තිබූ සී - 4 වර්ගයේ සහ ටී. එන්. ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17 ක්‌ ඉකුත් 8 දා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයන් සිවුදෙනකු ද පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පුපුරන ද්‍රව්‍ය තොගයේ හිමිකරු වූ තනේෂ් නමැත්තා පොලිසියෙන් මිදී පලාගිය අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වැටලීමක්‌ ද ක්‍රියාත්මක කෙරිණි.

පොලිසියෙන් බේරී දින 3 ක්‌ තිස්‌සේ සැඟවී සිටි මෙම හිටපු කොටි ත්‍රස්‌තවාදියා අධිකරණය වෙත ඊයේ දහවල් භාරවී තිබුණේ නීතිඥයන් මාර්ගයෙනි.

අධිකරණ නියෝග ලබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය හා මුතූර් පොලිසිය කටයුතු කරගෙන යයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7749888568694788384

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item