අතකොටා සමග 17ක් ගස්

නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න අද (25) මරණ දඬ...

නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න අද (25) මරණ දඬුවම නියම කළාය.

4, 5 හා 20 යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයට මරණ දඬුවම හිමිවිය.

සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3247698976605539690

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item