ෂියා වන්දනාකරුවන් රැසක් IS බෝම්බ ලොරියට බිලි

දකුණුදිග ඉරාකයේ මාර්ග බාධකයකදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම්වරු 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස...


දකුණුදිග ඉරාකයේ මාර්ග බාධකයකදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ෂියා මුස්ලිම්වරු 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

බෝම්බ පුරවාගත් ට්‍රක් රථයක් ඉරාකයේ , හිල්ලා නගරාසන්න මාර්ග බාධකය වෙත පැමිණ බෝම්බ ට්‍රක් රථය පුපුරුවාගෙන ඇති අතර, එම අවස්ථාවේදී වන්දනාවේ පැමිණි ෂියා බැතිමතුන් රැසක් එම ස්ථානයේ රැඳී සිටි බව කියැවෙයි.

බැග්ඩෑඩ් නගරයට කිලෝ මීටර් 100ක් පමණ දකුණුදිගින් වූ හිල්ලා නගරාසන්නයේදී සිදුවූ පිපිරීමෙන් මියගිය වැඩි පිරිස කර්බාලා නගරයේ ආර්බීන් වන්දනාව නිමාකොට යළි පැමිණෙමින් සිටි ෂියා ඉරාන ජාතිකයන් පිරිසක් බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ප්‍රහාරයේ වගකීම මේ වනවිට IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් එම ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ තම සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 200ක් පමණ මියගොස් හා තුවාල ලබා ඇති බවයි.

ෂියා මුස්ලිම්වරුන් වන්දනාවේ පැමිණි බස් රථ ඉලක්ක කරගෙනම මෙම මරාගෙන මැරෙන බෝම්බ ට්‍රක් රථය පුපුරුවා හැර ඇති බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පිපිරීමෙන් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. කෙසේ වෙතත්, මියගිය පිරිස වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8415193226342224774

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item