'ලංකා ඊ නිව්ස්' කර්තෘට එරෙහිව නඩු 70ක් !

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන්නේ යැයි පැවසෙන 'ලංකා ඊ නිව්ස් 'වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට එරෙහිව බරපතල චෝදනා 70 ක්...

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන්නේ යැයි පැවසෙන 'ලංකා ඊ නිව්ස් 'වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට එරෙහිව බරපතල චෝදනා 70 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත්, ඒවා ගොනු කර ඉදිරියේ දී අධිකරණය හමුවේ නඩු 70ක් දැමීමේ සූදානමක් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (25) ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් ඉන්ටපෝල් වෙත (ජාත්‍යන්තර පොලීසියට) වරෙන්තු ද නිකුත් කර තිබේ.

එසේම ලංකා ඊ නිව්ස් කර්තෘවරයා ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයට ද අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ලැබ ඇත.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8675886710275444895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item