වාද්දුව කාර්-දුම්රිය අනතුර බීමත්කම නිසා වුණ වින්නැහියක්

වාද්දුව පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස සිදුවූ අනතුර එම වාහනය පැදවූ අයගේ අධික බීමත්කම මත නොසැලකිල්ලෙන් රිය පැදවීම හ...

වාද්දුව පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස සිදුවූ අනතුර එම වාහනය පැදවූ අයගේ අධික බීමත්කම මත නොසැලකිල්ලෙන් රිය පැදවීම හා වළක්වාගන්නට හැකියාව තිබුණත් බීමතින් කරුණු තේරුම් ගැනීමට අපහසුවී යාම මත සිද්ධවූ අනතුරක් බව මේ වනවිට අනාවරණයවී තිබේ.

මෙම අනතුර අනාරක්ෂිත දුම්රිය මාර්ගයක සිද්ධ වූවක් ලෙස මාධ්‍ය ඔස්සේ මුලින් කරුණු වාර්තා වුවද එම ස්ථානය ආරක්ෂාවට සිටි මුරකරු සිය රාජකාරිය හරියාකාරව ඉටු කිරීමට කටයුතු කර තිබුණ නමුත් ඔහු එක් පියනක් වසා අනෙක් පියන වසන්නට උත්සාහ දරන අවස්ථාවේ එපා කියද්දී ගේට්ටුව අතරින් වාහනය දැමීම නිසා මෙම අවාසනාවන්ත මරණ 5 සිදුව ඇත.

ගජ මිතුරන් බව කියැවුණ මෙම පස්දෙනා වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක ඉරිදා විවේක සන්ධ්‍යාව ගතකරමින් බොන පාටියක් දමා ඇත. දවල් කෑම ගන්නට ඔවුන් සවස 3 පසුවී පිටත්ව ඇත්තේ පස්දෙනාම මෝටර් රථයෙන් ගාලු පාරේ හෝටලයකට යාමේ අදහසිනි.

ඊයේ සවස 3.50ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන බවට සංඥා නිකුත්වී අනතුර සිදු වූ ස්ථානයේ ගේට්‌ටුකරු එක්‌ දුම්රිය ගේට්‌ටුවක්‌ වසා අනෙක්‌ ගේට්‌ටුව වසා

දැමීමට යද්දී ඔහු කරන කටයුත්ත ගැන අවබෝධයක් නැතිව සාමාන්‍ය වේගයෙන් පැමිණෙමින් තිබූ මෝටර් රථය දැක තිබේ. එය අනතුරුදායක සීමාවට ළඟාවන්නට උත්සාහ දරන බව පෙනී ගිය ගේට්ටුකරු අත දමමින් කෝච්චියක්‌ එනවා දාන්න එපා දාන්න එපා යයි කෑ ගසා ඇති මුත් වාහනයේ රියදුරු ඇතුළු පිරිස ඒ කියන දේවල් තේරුම් ගන්නට අපහසු මට්ටමක සිටින අය බව ගේට්ටුකරුට පෙනී ගොස් ඇති අතර ක්ෂණයකින් දුම්රිය පැමිණි නිසා

ඔහුට එම අනතුර වළක්වන්නට හැකියාවක් ලැබී නැත.දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රියේ ඇමිණී මීටර් 500 ක්‌ දුරට ඇදී ගොස්‌ තිබේ. එක් අයෙකු විසිව ගිය අතර ඔහු එතැනම මියගොස් තිබේ. අනෙක් අය වාහනයේ සිරවී සිටියේ බරපතල තුවාල සහිතවය. වාහනයේ දොරවල් කඩා අවට පිරිස් ඔවුන් එළියට ගනිද්දී දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් ඉතිරි දෙදෙනාට තවම පණ ඇති බවත් දැක රෝහල් ගත කරන්නට කටයුතු කළ නමුත් ඔවුන් රෝහලේදී මියගොස් තිබුණි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ වාද්දුව, වාඩියමංකඩ හා වස්‌කඩුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පියල් සිල්වා, චන්ද්‍ර පේමලාල්, දුමින්ද යාපා, ශසීන්ද්‍ර සිල්වා, කොල්වින් සිල්වා යන අය බවත් ඔවුන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඒ අය මස්සිනාලා දෙදෙනෙකු අදිකරණ සේවකයෙකු ත්‍රී රෝද රියදුරෙකු හා ව්‍යාපාරිකයෙකු වන බවද වාර්තා වෙයි.මියගිය සියලු දෙනාම මත්පැන් පානය කර සිටින්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි. මියගිය පස්‌දෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (28 වැනිදා) පානදුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6498067406371936905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item