මධ්‍යම රජයේ සම්පූර්ණ ණය බර බිලියන 9,400 යි - වාර්තාගත වැඩිවීම යහපාලනය යටතේ

ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය 2016 තෙවන කාර්තුව අවසාන වන විට රුපියල් බිලියන 9,402 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා ම...

ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය 2016 තෙවන කාර්තුව අවසාන වන විට රුපියල් බිලියන 9,402 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළිදක්වනු ලබන සතිපතා ආර්ථික විවරණය තුළින් මේ බව අනාවරණය කර තිබේ.

2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 8,503.2 ක්ව පැවති මධ්‍යම රජයේ ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මෙලෙස 2016 වසරේ මාස 9 ක් තුළ දී රුපියල් බිලියන 9,402 දක්වා වැඩි වී තිබේ.

මෙහිදී දේශීය වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,332.3 ක් ලෙසින් සටහන් වන අතර සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,069.7 ක් ලෙසින් වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7757111524623824958

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item