ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

කොළඹ බිෂොප් විදුහල අසල නො:7 ඒ, ශ්‍රීමත් ඒනර්ස්ට් ද සිල්වා මාවත යන ලිපිනයේ CHINATRY DISH, SILK ROAD RESTUARENT යන නමින් අලුතින් ඉදිකර ඇති ...

කොළඹ බිෂොප් විදුහල අසල නො:7 ඒ, ශ්‍රීමත් ඒනර්ස්ට් ද සිල්වා මාවත යන ලිපිනයේ CHINATRY DISH, SILK ROAD RESTUARENT යන නමින් අලුතින් ඉදිකර ඇති චීන අවන්හල රාත්‍රී සමාජ ශාලාවක් හා ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන යන්නක් බවට බිෂොප් විදුහල් සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් ජනපතිවරයාට පැමිණිලි කර තිබේ.

ආගමික සිද්ධස්ථානයක් තිබියදී මීටර් 500ක් තුළ මත්පැන් බලපත්‍රයක් ලබාදීම නීති විරෝධී කටයුත්තක්වුවද ඒ සඳහා මත්පැන් බලපත්‍රයක්ද ලබාදී ඇති බව වාර්තා වේ.

මෙය නීති විරෝධී කටයුත්තක් බව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද, සුරාබදු නිලධාරීන්ද තමන්වෙත දැන්වූ බවත්, බිෂොප් විදුහල් දෙමාපියන් ජනපතිවරයාට සිට ලිපියෙන් පෙන්වා දී ඇත.

කෙසේවුවද, ප්‍රධාන අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත අදාළ බලපත්‍රය හා මෙය පවත්වාගෙනයාමට අනුබල ලැබී ඇති බව පරීක්ෂණවලදී හෙලිවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම ස්ථානයේ චීන ගණිකාවන් 20ත්, 25ත් අතර පිරිසක් සැරිසරණ බවත්, එම සමාජ ශාලාව රාත්‍රී 2-3 පමණවන තෙක් විවෘතව ඇතැයිද බිෂොප් විදුල් දෙමාපියන් සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2278366858161014204

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item