අවි භාවිත අපරාධ ඉහළයාම ගැන ආරක්ෂක අංශ වගකිව යුතුයි

නීති විරෝධි ගිනි අවි භාවිතයෙන් සිදු වන අපරාධ සංඛ්‍යාව ඉහළයාමට ආරක්ෂක අංශ වගකිව යුතු බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අචාර්ය ප්‍රති...

නීති විරෝධි ගිනි අවි භාවිතයෙන් සිදු වන අපරාධ සංඛ්‍යාව ඉහළයාමට ආරක්ෂක අංශ වගකිව යුතු බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.

ගිනි අවි භාවිතයෙන් අපරාධ සිදු වන්නේ ඒ පිළීබඳ නිපුනත්වයක් ඇති පුද්ගලයින්ගෙන් බව හෙතෙම පෙන්වා දෙයි.

හමුදා සහ පොලිස් සේවයෙන් ඉවත් වූ පුද්ගලයින් පිළිබඳ දත්ත සහ අපරාධ පිළිබද පුළුල් විමර්ශනයකින් අනතුරුව ගිනි අවි අපරාධ විශාල වශයෙන් අඩු කර ගැනීමේ හැකියාවක් පවතින බව ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ගත වූ මාස කිහිපය තුළ ගිනි අවි භාවිතයෙන් සිදු වූ අපරාධ පිළීබඳ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ අතර ආසන්නතම සිදුවිම ඊයේ දිනයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවිය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් එහිදී පුද්ගලයෙක් මියගියේය.

ඊට පෙර මහනුවර, අංකුඹුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් පසුගිය 20 වනදා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.

මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ටී. 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර තිබුණි.

පසුගිය 15 වනදා මෝටර් රථයක් පරික්ෂා කිරිමට ගිය පොලිස් නිළධාරින් පිරිසකට සිදු කළ වෙඩි තැබිමකින් උප පොලිස් පරික්ෂකවරයෙකු මියගිය අතර තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙක් තුවාල ලැබූහ.

වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ වෙඩි වැදී මියගිය අයෙකුගේ මළ සිරුරක් හමුවූයේ ඔක්තෝබර් මස 31 වනදාය.

ඔක්තෝබර් මස 23 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගියහ.

ඊට ආසන්න දිනකදී නිට්ටඹුව ප්‍රදේශයෙ සිදු වූ තවත් වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මියගියේය.

මෙම ඇතැම් සිදුවිම් පතාල කල්ලි අතර ගැටුම්වල ගිණුමට බැර කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ.

සමාජය තුළ සැරිසරන නීති විරෝධි ගිනිඅවි ආරක්ෂක අංශ භාරයට ගැනිම සදහා පියවර ගත්ත ද ඉන් නිසි ප්‍රතිඵල ලැබී නොමැති බව දිනෙන් දින ඉහළ යන අපරාධ පිළිබඳ අවධානය යොමු කිරිමේදී සනාථ වේ.

නීති විරෝධි ගිනිඅවි සිය භාරයට ගැනීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත ඉහළ වගකීමක් පැවරී ඇති බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 605701208359625218

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item