පියා කඩුවෙන් කොටා දරු දෙදෙනයි බිරියයි මරයි
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී තම බිරිඳ සහ දරු දෙදෙනා මරා දැමීමේ පුවතක් ත්‍රිකුණාමලය, කන්නියා, තිරුකුඤ්ඤමලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. ...

https://www.sathhanda.com/2016/11/blog-post_392.html
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී තම බිරිඳ සහ දරු දෙදෙනා මරා දැමීමේ පුවතක් ත්‍රිකුණාමලය, කන්නියා, තිරුකුඤ්ඤමලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඊයේ (13 දා) පෙරවරුවේ නිවසේදී මෙම පහරදීමෙන් දියණියන් දෙදෙනා එම ස්‌ථානයේදීම මියගොස් ඇති අතර බිරිඳ බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එල්. ගයාත්‍රි (10) හා එල්. සන්ධ්‍යානි (08) නමැති දරුවන් දෙදෙනකු හා තිස්‌අට හැවිරිදි විශ්වලිංගම් විද්‍යා නමැති කාන්තාවයි.
අනතුරුව එම ස්‌ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සමඟ උප්පුවේලි පොලිසියේ නිලධාරීන් වහලයෙන් ඇතුළු වී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතකයා, ත්‍රීකුණාමල නගර සභාවේ සුළු සේවකයෙක් බවද මේ අතර වාර්තා වේ.
Related