රවී හිටපු මුදල් ඇමතිවරු හමුවෙයි - එත් මහින්ද හමු නොවෙයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරුන් වන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ රොනී ද මැල් හමුවිය. ඒ අයවැය සකස් කි...


මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරුන් වන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ රොනී ද මැල් හමුවිය. ඒ අයවැය සකස් කිරීම සඳහා හිටපු මුදල් ඇමතිවරුන්ගේ අදහස් ලබාගැනීම සඳහායි.


රවී කරුණායක මහතා ඊයේ (06) පස්වරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හමුවිය. මෙම හමුව කොළඹ 07 නිදහස් මාවතේ හිටපු ජනාධිපතිනියගේ නිළ නිවසේදී පැවැත්විණි.

අද (07) පෙරවරුවේ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සහ රවී කරුණානායක අතර හමුව සිදුවිය. මෙම හමුව කොල්ලුපිටිය රොනී ද මැල්ගේ නිවසේ පැවැත්විණි.

චන්ද්‍රිකා බණ්ඩානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නොවැම්බර් 10 වැනි දින ජනතාවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවට විශ්වාස කරන බවයි. මුදල් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ගන්නා උත්සාහය ප්‍රශංසනීය බව ද ඇය ප්‍රකාශ කළාය.

එහෙත් පසුගිය රජයේ මුදල් ඇමති හමු නොවීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2059239949250571648

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item