රාපක්‍ෂවරු ඉදුල් කන්නේ නෑ. ඉදුල් කන උන් තමයි බුරන්නේ – බැසිල්

එක්සත් ජාතික පක්‍ෂය සමග තමාට ඞීල් එකක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කරනු ලබන චෝදනාව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රත්ක්ෂ...

එක්සත් ජාතික පක්‍ෂය සමග තමාට ඞීල් එකක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කරනු ලබන චෝදනාව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රත්ක්ෂේප කරයි. ඔහු අවධාරණය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමග ඞීල් ඇත්තේ ආණ්ඩුවේ තනතුරු දරණ ඩිලාන් පෙරේරා වැන්නවුන්ට බවයි. ඔවුන් මෙන් රාජපක්‍ෂවරු ඉදුල් නොකන බවද බැසිල් රාජපක්‍ෂ පෙන්වා දෙයි.

හිටපු අමාත්‍ය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව අවධාරණය කලේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සහා නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 14 න් 13 සහ මිනුවන්ගොඩ නගර සභාවේ මන්ත‍්‍රීවරු 08න් 07 දෙනෙක් මෙලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද කිවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැමැති බීජයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තිවලට සමාන ලෙසයි අපේ පක්‍ෂයේ ප‍්‍රතිපත්ති සකස් වී තිබෙන්නේ බණ්ඩාරනායක ශ‍්‍රීමතානන් මේ පක්‍ෂය බිහි කරනකොට කිව්වේ එහි වින්නඹු කාර්්‍ය විතරයි තමන් කරන්නේ කියලා. පක්‍ෂයේ අයිතිය රටේ පොදු ජනතාවට බවයි ඔහු කිව්වේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් එහෙමයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලොකුම ශක්තිය තමයි පලාත් පාලන මන්ත‍්‍රීවරු නමුත් පහුගිය කාලයේ ඒ අය අපේ පක්‍ෂයේ ප‍්‍රාදේශීය සභා නකර සභා මන්ත‍්‍රීවරුන්ට සැලකුවේ කුඩම්මාගේ සැලකිලි. ඒ අයව කුනු කූඩයට දාලා එහෙම නැත්නම් පස්ස පිහදාන පත්තර කොලයක් වගේ විසි කරන්න හදන වෙලාවෙයි. මේ අලූත් පක්‍ෂය හැදුවේ ඔවුන්ව ආරක්ෂා කරන්නයි. මේ අය ගමට ගිහාම ඔවුන්ට ගමේ ජනතාව කිව්වේ මහින්ද මහත්තයා නැතිව ගමට එන්න එපා කියලයි මහින්ද මහත්තයා එක්ක ආවත් මෛත‍්‍රී මහත්තයා ඉන්නකන් ඡුන්දේ දෙන්නේ නැහැ කියලයි මේ අයට ගමේ අය කිව්වේ. ගමේ තමයි අපිට ඉල්ලීම ආවේ අලූත් දේශපාලන පක්‍ෂයක් හදාගෙන එන්න කියලා. ඒ අනුවයි අපි මේ ජනතාවගේ පක්‍ෂය හැදුවේ. කා එක්කවත් ක්‍රොදයෙන් ද්වේශයෙන් හදපු පක්‍ෂයක් නෙවෙයි.

ප‍්‍රශ්නය –

ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියනවා ඔබතුමා එක්සත් ජාතික පක්‍ෂයත් සමග ඞීල් දාලයි කියලා ඒක ඇත්තද?

පිලිතුර –

ඒවගේ චෝදනා කරන අයට අපි අනුකම්පා කරනවා. මට හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවෙකුට හෝ අපිත් එක්ක වැඩ කරන කිසිම කෙනෙකුට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ඞීල් නැහැ. ඔය අපිට චෝදනා නගන අයට මන්ත‍්‍රීකම් දිලා තියෙන්නේ ඔය වැඬේටමනේ. මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩිපුරම චෝදනා නැගුවේ රාජපක්‍ෂ පවුලට ඒ පවුලෙනුත් වැඩිපුරම චෝදනා නැගුවේ මට මම ගිය සතියේ විතරක් උසාවියට, ජනාධිපති කොමිසමට කිහිප වතාවක් ගියා මේ අපහාස මට හොදට පුරුදුයි. කියමනක් තියෙනවා. බඩගිනි උනාට ඉදුල් කන්නේ නැහැ කියලා. රාජපක්‍ෂවරු ඒ වගේ රාජපක්‍ෂවරු කාගෙවත් ඉදුල් කන්න ලැහැස්ති නැහැ ඔය ඉදුල් කන අය තමයි අපිට චෝදනා කරන්නේ අපිට විරුද්ධව බොරු චෝදනා නැගුවට අපි බය වන්නේ නැහැ.

නව පක්‍ෂයේ මංගල රැස්වීම කොහේද තියෙන්නේ –

අපි ඒ ගැන ඉදිරියේදි කටයුතු කරනවා අපි ඉතිං තාම පොහොට්ටුවක්නේ තාම පිපුනේ නැහැනේ අපි හිමින් හිමින් පක්‍ෂය ගොඩ නගන වැඬේ කරනවා. අපි ලක්‍ෂ 10 ක පිරිසක් සමගයි මේ කටයුත්ත ආරම්භ කරන්න තමයි මුලින් සැලසුම් කලේ දැන් ඒ සංඛ්‍යාව ඊට වැඩි වෙලයි තියෙන්නේ. අපි දැන් නව සාමාජිකයන් බදවාගෙන යනවා. මේ බදවා ගැනීම් අවසන් වුනාම බල මණ්ඩල පිහිටුවලා දිස්ත‍්‍රික් බල බණ්ඩල පිහිටුවලා මහා සමුළුව කැදවනවා.

ප‍්‍රශ්නය –

ආණ්ඩුවේ ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු දිගින් දිගටම චෝදනා කරන්නේ ඔබතුමා තමයි පක්‍ෂය කඩන්නේ කියලා. ඔබතුමා කියනවා ඔබතුමාට එජාපයත් එක්ක ඞීල් නැහැ කියලා. කව්ද ඞීල් කාරයෝ.

උත්තරය –

ඒක මුළු රටම දන්නවා. ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමති වරුන්ට ඇත්තටම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න ඕනෑනම් ආණ්ඩුව පරද්දන්න ඕනෑනම් මේ අය අයවැයට විරුද්ධව ඡුන්දය දෙන්න ඕනේ අපි කියන්නේ යූ,එන්.පී. ආණ්ඩුවේ ඉන්න අපේ අයට මේ ආන්ඩුව පරද්ධන්න ඇත්ත උවමනාවක් තියෙනවානම් අය වැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය දෙන්න ඞීල් එකක් නැත්නම් ඒක කරලා රටට පෙන්වන්න. ඇත්ත කථාව තමයි ඞීල් දාන්න දෙයක් නැහැ. මේ අය යූ.එන්.පී. ආන්ඩුව ඇතුලට ගිහිල්ලා ඉවරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7949640761771211536

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item