නීතිපති දෙපාර්තමේන්තුවේ අය ගැනත් මට විශ්වාසයක් නෑ

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වුණත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිස ගැන තමන්ට කිසිදු වි...

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වුණත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිස ගැන තමන්ට කිසිදු විශ්වාසයක් නැති බව හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් රකින අගමැතිවරයාම මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පැවරීමට යාම පිළිගත නොහැකි බවයි.

එසේම අගමැති කාර්යාලයේ කිසිවෙකුත් මීට සම්බන්ධ නොවිය යුතු බවත්, මේ නිසා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනපති කොමිසමක් පත්කර ඒ ගැන සෙවිය යුතු බවත්vපැවසුවේය.

තවද කෝප් වාර්තාව මේ දක්වා මුද්‍රණය කර හෝ මන්ත්‍රීවරුන් අතට පත්කර හෝ නැතැයිද ඔහු වැඩිදුරටත් කීවේය.

එම මාධ්‍ය හමුව ඇමතු පා.ම වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ අගමැතිවරයාට එරෙහිව ඇමුණුම් 7ට වැඩි පැමිණිල්ලක් කිරීමට සුදානම්ව සිටියත් අල්ලස් කොමිසමෙන්, රහස් පොලීසියෙන් මේ දක්වා වේලාවක් තමන්ට නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගොස් රීට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද පැවසූ ඒ මහතා අගමැතිවරයා මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවද නැවතත් අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7587085784892548021

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item