මොකක්‌ද මේඅලුත් පක්‌ෂය...? සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ විස්‌තර කරයි

පොහොට්‌ටුව ලකුණෙන් අලුතෙන්ම කළ එළිදැක තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ සමඟ කරන ලද සාකච්ඡාවකි ම...

පොහොට්‌ටුව ලකුණෙන් අලුතෙන්ම කළ එළිදැක තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

ඒකාබද්ධ විපක්‌ෂය නමින් ඉන්න පිරිස, තමන්ගේ අලුත් පක්‌ෂය සඳහා දැන් කසකරුවන් එවන්න පටන් අරගෙන තිබෙන බව ඔබ සභාපතිත්වය දරන පක්‌ෂය ආරම්භ කිරීමෙන් පෙනී යනවා. මොකක්‌ද මේ අලුත් පක්‌ෂය...? මෙය පිහිටුවීමේ අරමුණ කුමක්‌ද...?

අද ශ්‍රීලනිපයට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. එහි ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම දියවෙලා ගිහින්. එහි අනන්‍යතාවය නැතිවෙලා. එයට පැහැදිලි නිදර්ශනය තමයි, කෝප් වාර්තාවට සම්බන්ධ සිද්ධිය. මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන කාලයේ, 

ශ්‍රී ලනිපයේ ඇමතිවරු Rජුවම, එයට විරුද්ධ වුණා. ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. ඒ වෙලාවේ අගමැතිතුමා සඳහන් කළේ එය තමන්ගේ තීරණයක්‌, ඒ පිළිබඳව වගකීම තමන් බාර ගන්නවා, කියන එකයි. 'අපි මේ ගැන වගකීම බාර ගන්නේ නැහැ... මේක රනිල්ගේ තනි තීරණයක්‌...' කියලා කියපු ශ්‍රීලනිපයේ ඇමැතිවරු අද මොකද කියන්නේ. මෙවැනි මහා පරිමාණ ප්‍රොaඩාවක්‌ පිළිබඳව හඬක්‌ නඟන්නට ඔවුන්ට හැකියාවක්‌ නැහැ. 'මෙතැන වංචාවක්‌ වෙලා තිබෙනවා. ඒ වුණාට අගමැතිතුමා මේ සඳහා වගකිව යුතු නැහැ...' කියලා සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර යන ඇමැතිවරු මේ පිළිබඳව මාධ්‍ය හමුවලදී සඳහන් කළා. 

මේ හදන්නේ මහින්ද රාජපක්‌ෂ යළිත් දේශපාලන කරළියට ගෙන ඒම සදහා ෂෝට්‌ කට්‌ එකක යන්නද...

මේකද ශ්‍රීලනිපය කියන්නේ... අද ශ්‍රීලනිපය කියන්නේ එජාපයේ වලිගයක්‌. කාටත් මේක පෙනෙනවා. අද එජාපය විසින් ශ්‍රීලනිපය ගිලගෙන තිබෙනවා. එට්‌කා ගිවිසුම ගැන බලන්න. කවුරු විරුද්ධ වුණත් එය අත්සන් කරන බව අගමැතිතුමා පවසන්නේ ඉන්දියාවේදී.. වැට්‌ වැඩි කිරීම ගත්තොත්, සමහර ඒවා,11% සිට 15% දක්‌වා වැඩි කරලා තිබෙනවා. සමහර ඒවා 0 සිට 15% දක්‌වා වැඩි කරලා තියෙනවා. මේ සියල්ල අනුමත කරමින් ශ්‍රීලනිපය කටයුතු කරනවා. අද රණවිරුවන් දඩයමක්‌ මේ රජය විසින් කරගෙන යමින් තිබෙනවා. මේ කිසිවක්‌ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති නෙමෙයි. සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන බලවේගය දැන් තියෙන ශ්‍රීලනිපයෙන් නිරූපණය වෙන්නේ නැති බව කවුරුත් පිළිගන්නවා. මෙහෙම ශ්‍රීලනිපයක්‌ පාක්‌ෂිකයාට පිළිගන්න පුළුවන්ද...? පක්‌ෂය පරාද කරපු කට්‌ටිය නායකයා ලෙස පාක්‌ෂිකයා පිළිගනීද...? සමුපකාර ඡන්ද ප්‍රතිඵලය බලන්න... හැම තැනම මහින්ද රාජපක්‌ෂ මහතාට හිතවත් පිල ජය ලබනවා. ඒ තමයි පාක්‌ෂිකයා ඉන්න තැන. ඒ නිසා සමුපකාර ඡන්දයත් නවත්වන්න හදනවා. ජනමතය යට කිරීම සඳහා වන සියලුම ක්‍රියාමාර්ග මේ ආණ්‌ඩුව ගනිමින් සිටිනවා. මේ සදහා මුහුණ දීමට නව බලවේගයක්‌ අවශ්‍ය බව අවංක ශ්‍රීලනිප පාක්‌ෂිකයා වගේම රටේ ජනතාවත් පිළිගන්නවා. ඒ සඳහා තමයි මේ පක්‌ෂය ගොඩනැඟුවේ. අපි මාස ගණනාවක්‌ තිස්‌සේ පාදමේ සිට මේ රට ගොඩනැගුවා. මේකේ නෛතික කර්තව්‍යයන් දැන් අවසන් කර තිබෙනවා. සභාපති ලෙස ක්‍රියා කරමින් ඉන්නේ මමයි. මෙහි ලේකම් අධිනීතිඥ සාගර කාරියවසම් මහතා. පක්‌ෂයේ ලකුණ මල් පොහොට්‌ටුව. පාට කුරහන් පැහැය. දින තුන හතරකට පෙර තමයි, මේ පක්‌ෂය මැතිවරණ කොමිසමේ සිය ලියාපදිංචි කටයුතු අවසාන කර ගත්තේ. අපි ඉතාම සමීපව, ඒකාබද්ධ විපක්‌ෂය සමඟ වැඩ කරනවා. අපේ අවසාන අරමුණ මහින්ද රාජපක්‌ෂ මහතා දේශපාලනයේ නිරත වෙන්න. මේ පිළිsබඳව එතුමා සමග අපි සාකච්ඡා කරනවා. එතුමා තවම අවසන් එකඟත්වයක්‌ අපිට ලබා දීලා නැහැ. පක්‌ෂයක්‌ හදන්න කියලා එතුමා අපිට කියලා නැහැ. ජනතාවයි, එතුමා ඉල්ලන්නේ. ඒවගේ තමයි මෙතැනදීත්. අපිටයි එතුමා අවශ්‍ය වන්නේ. කලකිරුණු ශ්‍රීලනිපයේ සාමාජිකයන් සඳහා තැනක්‌ තමයි අපි මේ නිර්මාණය කරලා තියෙන්නේ. 

මේ අවශ්‍යතාවය වන්නේ ශ්‍රීලනිපය දෙකට කැඩීමට බව චෝදනා එල්ල කරනවා. ඒ අනුව බැලුවහම මේ එජාපයේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කරන බවට සමහරු චෝදනා කරනවා...

යමක්‌ දෙකට කඩන්නේ කොහොමද...? එක්‌කෝ පනහට පනහ. නැත්නම් හැටට හතලිහ. අවම වශයෙන් හැට පහට තිස්‌ පහ. මෙතැන එහෙමද වෙලා තියෙන්නේ... ඡන්දයක්‌ තිබ්බොත් ඔය ශ්‍රීලනිපයට 1% ක්‌වත් ඡන්ද ගන්න පුළුවන්ද...? මේක දැන් කැඩිලා ඉවරයි. තව කඩන්න දෙයක්‌ නැහැ. ශ්‍රීලනිප පාක්‌ෂිකයා ඉන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා සමඟයි. එජාපයේ කොන්ත්‍රාත්තුව එදත් ඉටු කළේ අදත් එයට යටවී ඉඳීමෙන් ඉටුකරන්නේ, ඔය කියන ශ්‍රීලනිපයේ පිරිසයි. 

තවම ඔබ අල්ලාගෙන ඉන්නේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවුවා යෑයි කියන වංචාව, සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියා පිළිවෙත පැහැදිලි කළොත්...

අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීම පිළිබඳව අපි මුල සිටම විරෝධය පළ කළා... ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බව අපි ප්‍රකාශ කළා... රජයේ නිලධාරියකු ලබා දෙන දිවුරුම අද වෙනතුරු දීලා නැහැ. මුදල් පනතට පටහැනි ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුව තමන්ගේ ග්‍රහණයට සම්පූර්ණයෙන්ම යටත් කර ගත්තා. මහ බැංකුව තිබිය යුත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ. කවුරු විරුද්ධ වුණත් මේක කරනවා, කරනවමයි කියලා අගමැති විසින් අර්ජුනව එම තනතුර සදහා පත් කළා. දින සියයක්‌ ඇතුළත පළවෙනි බැඳුම්කරය සිදු කළා. අගමැතිතුමා, ඒ පළවැනි චෝදනාවට මුහුණ දුන්නේ, තමන් සමග සිරිකොතේ වැඩ කරන නීතිඥයන් තුන් දෙනෙක්‌ ඒ සඳහා කමිටුවක්‌ ලෙස පත් කළා. ඒක යට ගසා සුදු හුණු ගෑමේ උත්සාහයක්‌ ගත්තාට එයින් පලක්‌ වුණේ නැහැ. ඒ වෙලාවේ කෝප් කමිටුවේ සභාපති ලෙස වැඩ කටයුතු කළේ, ඉතාම දක්‌ෂ, කීර්තිමත් පුද්ගලයකු වන ඩිව් ගුණසේකර මහතායි. අගමැතිතුමා විසින් ඩිව් ගුණසේකර මහතාට කෙලින්ම තර්ජනය කළා. ඩිව්ට විරුද්ධව පාර්ලිමේන්තුවට පැමිණිල්ලක්‌ කළ යුතු බව කියමින් තමයි, මේ පැමිණිල්ල කළේ. ඩිව් ගුණසේකර කෝප් වාර්තාව නතර කර ගැනීම සඳහා කළ හැකි හැම දෙයක්‌ම කළා. මේ පාර්ලිමේන්තුවේදීත් ඒ ක්‍රියාදාමයම දියත් කළා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට බාධා කරමින්, එජාපයේ මන්ත්‍රීවරුන්ට ඕනෑ වුණා අර්ජුන මහේන්ද්‍රන් නිදොස්‌ පුද්ගලයෙක්‌ කියලා ඔප්පු කරන්න. අවසානයේදී පාදක සටහනක්‌ හෙවත් ෆුට්‌ නෝට්‌ එකක්‌ දාලා, වාර්තාවෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදොස්‌ කරන්න උත්සාහ කළා. දෙවැනි පාරටත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්න උත්සාහ කරලා, බැරි වුණහම ඔහු තමන් ළඟට ගත්තා. ඔහුට තනතුරක්‌ ලබාදී අරලියගහ මන්දිරයේ රඳවා ගත්තා. එහෙම කරපු අගමැතිතුමා මේකට සම්බන්ධ නැහැ කියලා අද ශ්‍රීලනිපයේ ඇමැතිවරුම ප්‍රකාශ කරනවා. එතකොට අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ කවුද...? ඔහුගේ බෑනාගේ සමාගමට බැඳුම්කර මිලදී ගන්නට ලංකා බැංකුවෙන් ඇප රහිතව ණය ලබා දුන්නේ කවුද...? ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතා මේ සදහා අනුමැතිය ලබා දුන්නාද...? ඒ සඳහා ඔහුට අණ දුන්නේ කවුද...? එවැනි බලකිරීමක්‌ ලංකා බැංකුවට කරන්න අර්ජුන මහේන්ද්‍රන්ට බැහැ. එහෙනම් ඊට උඩින් සිට ඒ බලපෑම කළේ කවුද...? මේවා දේශපාලන විනිවිදභාවයද...? පර්පර්චුවල් ට්‍රෂෙරිස්‌ ආයතනය පසුගිය වසරට වඩා, 1850% කින් වැඩිවෙලා. මේ ආයතනයේ නිලධාරීන් ඉන්නේ දහ හතරයි. ඉන් පස්‌ දෙනකුටම වසර පහකවත් පළපුරුද්දක්‌ නැහැ. මේ දැවැන්ත ලාබය, ඔවුන්ගේ හපන්කමක්‌ නිසා නෙමෙයි. මේ ගැන තවම ආණ්‌ඩුව කතා කරනවා විතරයි. 

ඔබලාගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ, අගමැතිතුමා පිට පමණක්‌ මේ බැඳුම්කර නිකුත් කිරීමේදී වූවා යෑයි කියන වංචාව පටවා, ඔහු පැත්තකට කිරීම බව පෙනෙනවා...

මේ ආණ්‌ඩුව මුල ඉඳන්ම මේ දුෂණය ගැන කට පියාගෙන හිටියා. මහ බැංකු වංචාව ඔය තරම් දුර දිග ගියේ කොහොමද...? පාර්ලිමේන්තුවට ඩිව් ගුණසේකරගේ කෝප් වාර්තාව ඉදිරිපත් කරන්න දුන්නේ නැහැ. විශ්වාසභංගය ඉදිරිපත් කරන්න තිබුණා. ඒ තැනදී කවුද පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ... ඒක අගමැතිතුමාට කරන්න පුළුවන්ද...? අගමැතිතුමාව ආරක්‌ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එදා ඒක නොකළා නම් මේක මේ තරම් දුර දිග යන්නේ නැහැ. පළවෙනි බැඳුම්කරය ආවේ 2015 පෙබරවාරි වල. 2015 මාර්තුවල ඊට වඩා ලොකු එකක්‌ ගේනවා. ඒවා නවත්වන්න තිබ්බානේ...

අද වුණත් කරන්න ඕන දේ කරන්නේ නැහැනේ... මේ අය ස්‌වාධින විමර්ශනයක්‌ ගැන කතා කරනවා... එහෙනම් මුලින්ම කරන්න ඕනේ, මේ ආයතනය අගමැතිතුමාගෙන් ඉවත් කිරීම අවශ්‍ය නේ. තාම අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ... උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ව, අත් අඩංගුවට ගත්තේ අලි පැටියෙක්‌ පන්සලේ තියා ගත්තා කියලා. µවුසි ඇමතිතුමා එක වාහනයක්‌ වැඩිපුර පාවිච්චි කළා කියලා, අත් අඩංගුවට ගත්තා. විමල් විරවංශ මහතාගේ සහෝදරයා, අත් අඩංගුවට ගත්තා. ජී.අයි. පයිප්ප බෙදුවා කියලා බැසිල් රාජපක්‌ෂ අත්අඩංගුවට ගත්තා. ලලිත් විරතුංගට තිබෙන චෝදනවා, සිල් රෙදි බෙදීම. එහෙනම් මෙතැනදි අර්ජුන කොහොමද නිදැල්ලේ ඉන්නේ. 

මේ ආණ්‌ඩුව ඉතා පැහැදිලිවම දන්න එකක්‌ තමයි, ජනමතය තමන් සමග නැති බව. මැතිවරණ සඳහා ඔවුන් මුහුණ දෙන්න බය ඒකයි. රටේ මානව හිමිකම් තියෙනවා කියලා, ලෝකයට කෑ ගසා පවසන ආණ්‌ඩුව මැතිවරණ සිතියම අකුලලා දාලා ඉවරයි. මානව හිමිකම් හි උල්පත ලෙස ක්‍රියා කරන්නේ, සර්වජන ඡන්ද බලයයි. අද ඒ අයිතිය ජනතාවට අහිමි කර තිබෙනවා. මහින්ද රාජපක්‌ෂ මහතාට හිතවත් කණ්‌ඩායම සමුපකාර ඡන්ද දිනන නිසා ඒවාත් කල් දාන්න හදනවා. මේ ආණ්‌ඩුව ජනමතයට බය ආණ්‌ඩුවක්‌. මැතිවරණයක්‌ පවත්වපු විගස ඒ අය අන්ත පරාජයකට පත්වෙනවා. එක එක ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින්, මාස පහළොවක්‌ තිස්‌සේ ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වුවේ නැහැ. ඒ ගැන µයිසර් මුස්‌තාපා කියන දේවල් එතුමාවත් විශ්වාස කරනවා කියලා මම හිතන්නේ නැහැ. ප්‍රාදේශීය සභා හැට ගාණක්‌ සම්බන්ධයෙන් කිසිම සීමානිර්ණ ප්‍රශ්නයක්‌ නැහැ. එතකොට ඒවායේ ඡන්ද නොතියන්නේ ඇයි...? ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච කිසිම පළාත් පාලන ආයතනයක්‌ දැන් මේ රටේ නැහැ. මේ ඉල්ලීම් දිනාගන්නේ කොහොමද...? ඒ සඳහායි අභිනව පක්‌ෂය නිර්මාණය වුණේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 1497705550731561256

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item