වෛද්‍ය සභාවට ‘සයිටම්’ සිසුන්ගේ බලපෑම් නතර නොකළොත් දැඩි පියවර

ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන් යැයි කියා ගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා වෛද...

ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන් යැයි කියා ගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල කරන බලපෑම් වහාම නතර නොකළහොත් දැඩි පියවරයන් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මේ වන විට සිසුන් පිරිසක් කීපවාරයක් වෛද්‍ය සභාව වෙත ගොස් තමන්ට ලියා පදිංචිය ලබා දෙන ලෙසට බලපෑම් කරන බවත් මොවුන් පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන්නේ දැයි සැක මතුව පවතින බවත් සංගමය සඳහන් කරයි.

ප්‍රමිතියක් නොමැති ආයතනයක් විසින් ප්‍රමිතියක් නොමැති වෛද්‍යවරුන් බිහි කර ඇති බැවින් ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචිය ලබා දීමට කිසිසේත්ම නොහැකි බව දැනදැනම ලියා පදිංචිය ලබා දෙන්න යැයි කීම බරපතළ තත්ත්වයක් බව සංගමයේ සහකාර ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.පැවැති රජය හෝ පවතින රජයේ මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකරන අතර එය තව තවත් උඩු දිවීමට ඉඩ දී බලා සිටින බවක් පෙනෙන්නේ යැයිද හෙතෙම පැවසීය.

මේ වන විට සයිටම් ආයතනය ජනසතු කරන බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරන බවත් ජනසතු කළ යුත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නොව සයිටම් ආයතනය බවද පෙන්වා දෙන අලුත්ගේ මහතා රෝහල අමුතුවෙන් ජනසතු කිරීමට අයිතියක් නොමැති බවත් එය සාදා ඇත්තේ රාජ්‍ය බැංකුවකින් ලබා ගත් ණය මුදලකින් බවත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2109274013786602605

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item