දෙමළ සන්ධානය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය පතයි
අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය යටතේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳූම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බ...
https://www.sathhanda.com/2016/11/blog-post_642.html?m=0
අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයෝගය යටතේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳූම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ ඉදිරියේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමු කිරීමට නියමිත බවයි.
දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම මෙහි අරමුණ බවයි ඔහු පවසන්නේ.
අමෙරිකාවේ මැදිහත්වීම යටතේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉකුත් වසරවල ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආර්. සම්බන්ධන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Related