උතුරේ සිදුවන රජයට පාලනය කල නොහැකි දේවල් පාලනයට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනෑ - විග්නේෂ්වරන්

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒවාට රජය ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉද...

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒවාට රජය ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉදිරියේදී සිදුවන සෑම කටයුත්තකටම අන්තර් ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශයය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) සවස එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනී ඒන්ලි බැරන්වරිය හමුවූ අවස්ථාවේදීය.

ඇය ඊයේ යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී පැය කිහිපයක කාලයක් උතුරේ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා පැවැත්වීය.

එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණය තුළ සිදුවන දේ පිළිගැනීමට සියළුම දෙනා එකඟ නොවන නිසා බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවරුන්ගෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමේ අධීක්ෂණයකින් යුතුව සිදුවිය යුතු බව තමන් යළිත් අවධාරණය කරන බවද ඔහු මෙහිදී ඒ මහත්මියට ප්‍රකාශ කොට සිටියේය.

යුද්ධයෙන් ස්වාමියන් අහිමිව මේ වනවිට වැන්දඹුභාවයට පත් උතුරු - නැගෙනහිර පළාත්වල සිටින 30,000ක් පමණ වූ කාන්තාවන්ට නිසි රැකවරණයක් හා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීමට යම් වැඩපිළිවෙලක් සකස් වියයුතු බව ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඒන්ලි බැරන්වරිය ප්‍රකාශ කළේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි වසර 03 ඇතුළත බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ 12ක මූල්‍ය ආධාර ලබාදෙන බවයි.

එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ 66ක අරමුදලෙන් එක් කොටසකි.

යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලට සහන සලසනුවස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන 'HALO Trust' සංවිධානය වෙත එම අරමුදල් ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ ව්‍යාපෘතිය මගින් උතුරේ වැසියන් 40,000කගේ පමණ ජීවන තත්ත්වය නඟා සිටුවීම සිය බලාපොරොත්තුව බව 'HALO Trust' සංවිධානය පවසයි.

යාපනය සංචාරය අතරතුර 'HALO Trust' සංවිධානයේ වැඩ කටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය නැවත පදිංචි වැසියන්ගේ පවුල්හි ජනතාව ද හමුවී තිබේ.ෙ

දිනසේන රතුගමගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3255153457317756112

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item