ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති රනිල්ට නඩු?

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුතු පුද්ගලයන්ට පෞද්ගලික නඩු පැවරීමට ඒකාබද්ධ වි...

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුතු පුද්ගලයන්ට පෞද්ගලික නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිවයුතු බව දක්වමින් මීට පෙර ඒකාබද්ධ විපක්ෂය මගින් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ඒමට තීරණය කර තිබුණද, මේ වනවිට එම අදහස ඉවත් කරගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

දෝෂාභියෝගයේදී ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට පක්ෂව කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී දෝෂාභියෝගය පහසුවෙන් පරාජය වන බව ඒකාබද්ධ විපක්ෂයේ අදහස වී තිබේ.

එබැවින් මේ සඳහා ගතහැකි සුදුසුම පියවර බැඳුම්කර සිදුවීමට වගකිවයුතු පුද්ගලයන් සඳහා පෞද්ගලිකව නඩු පැවරීම බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත‍.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් මේ වනවිට පවත්වා ඇති අතර, මේ සතිය තුළදී නඩු පැවරීමට සාකච්ඡා වී තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ බැඳුම්කර සිදුවීම සම්බන්ධ වගකිවයුත්තන්ට මෙලෙස නඩු පැවරීමට සාකච්ඡා කර ඇත.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2666614878357908704

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item