ගම්වැසියෙක් හැතැම්මක් දුර දිවගොස් දුම්රිය අනතුරක් වළක්වයි
තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පීල්ලක් කැඩී තිබෙනු දුටු ප්රදේශවාසියෙකු යාපනයේ සිට පැමිණි යාල් දේවී දුම්රිය අතරමග නව...
https://www.sathhanda.com/2016/11/blog-post_960.html?m=0
තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පීල්ලක් කැඩී තිබෙනු දුටු ප්රදේශවාසියෙකු යාපනයේ සිට පැමිණි යාල් දේවී දුම්රිය අතරමග නවතා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට අද (14) සමත් වුණා.
විජිත කරුණාදාස නමැති ඔහු තඹුත්තේගම ඉපිල්ගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස විස්තර කළා.
“මම කඩේට යන්න ආවේ. එතකොට මම දැක්කා රේල් පීල්ලේ අඩි දෙකහමාරක වගේ කොටසක් කැඩිලා තියෙනවා. ස්ථාන දෙකකින් කැඩිලා තිබුණා. එවෙලේම මම 1919 ට කෝල් කරලා කිව්වා. එතකොට එයාලා දැනුම් දෙන්නම් කියලා කිව්වා. පස්සෙ ටික වෙලාවක් යනකොට තබුත්තේගම දුම්රිය ස්ථානයෙන් දුම්රියක් පිට වෙන්න හෝන් ගහනවා මට ඇහුනා. ඒ වෙලාවෙම මම රතුපාට කමිසයක් අරගෙන හැතැම්මක් විතර ඉදිරියට දුවගෙන ගියා. පස්සේ දුම්රිය එනකොට රතු පාට කමිසය වනලා දුම්රිය නතර කර ගැනීමට හැකි වුණා.”

Related