25000 අවම දඩය හකුළා ගන්නේ නැත්නම් පාර්ලිමේන්තුව වටලනවා - ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමය
බස් ගැමුණු, අංජන ඇතුළු බස් සංගම් ත්රිරෝද රථ කර්මාන්තය විනාශ කිරීම සඳහා ආණ්ඩුවට සහාය දී තිබෙනවා. මේ නිසා රථවාහන වැරදි සඳහා ක්රියාත්මක...
https://www.sathhanda.com/2016/12/25000_6.html?m=0
බස් ගැමුණු, අංජන ඇතුළු බස් සංගම් ත්රිරෝද රථ කර්මාන්තය විනාශ කිරීම සඳහා ආණ්ඩුවට සහාය දී තිබෙනවා. මේ නිසා රථවාහන වැරදි සඳහා ක්රියාත්මක කරන්න යන විසිපන්දාහේ අවම දඩය ආණ්ඩුව හකුළා ගත්තේ නැත්නම් සියලු ත්රිරෝද රථ වෘත්තිකයන් එක්ක පාර්ලිමේන්තුව වටලනවා." යෑයි ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඊයේ (05 වැනිදා) පැවසීය.
සුනිල් ජයවර්ධන මහතා මෙසේ ද කීය.
අපේ ත්රිරෝද රථ කර්මාන්තය විනාශ කිරීම සඳහා සියලු පෞද්ගලික බස් සංගම් ආණ්ඩුවට සහාය දීලා තිබෙනවා. සියලු බස් සංගම් රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්රියාත්මක කරන්න හදන රුපියල් 25,000 සේ අවම දඩය පාවා දීලා ඉවරයි. ත්රිරෝද රථ කර්මාන්තය කනත්තට දක්කන තැනට බස් සංගම් ක්රියාකරලා තිබෙනවා. ආණ්ඩුව ත්රිරෝද රථ සංගම්වලට සාකච්ඡාවක් වත් දුන්නේ නැහැ. රටේ සියලු ත්රිරෝද රථ වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරලා ඉදිරියේදී අපි දැඩි ක්රියාමාර්ගයක් ගන්නවා."

Related