ඒකාබද්ධයේ 6ක් ආණ්ඩුවට එක්වීමේ සූදානමෙන්
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු ආණ්ඩුව සමග එකතුවීමට සූදානමෙන් සිටින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්...
https://www.sathhanda.com/2016/12/6.html?m=0
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු ආණ්ඩුව සමග එකතුවීමට සූදානමෙන් සිටින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
එමෙන්ම මේ වනවිට ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝමයක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කරන බවත්, අමාත්‍ය ධුර නොලබාම ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන්ද ඒ අතර වන බවත් අමාත්‍යවරයා කීවේය.
කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන සියලුම මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ආණ්ඩුවට එක්වන ලෙසත්, නිවැරදි ක්‍රමය එය බවටත් ඔවුන්ට උපදෙස් ලබාදුන් බවද කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පිරිසක් තානාපති තනතුරු ඉල්ලමින් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ඇතැම් විට මෙම පිරිස ආණ්ඩුව සමග එක්වනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම අලුතින් නිර්මාණය කළ පක්ෂය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිය විරෝධතාව දැඩි ලෙස ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related