දකුණු ආසියාවේ විශාලතම කොකේන් තොගය අල්ලයි - කිලෝ 800යි, වටිනාකම කොටි 1200 පන්නයි

කොළඹ වරාය අසල යාත්‍රා කරමින් තිබුණු නැවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් අල්ලා ගන්නා ලද බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. අල්ල...


කොළඹ වරාය අසල යාත්‍රා කරමින් තිබුණු නැවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් අල්ලා ගන්නා ලද බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

අල්ලා ගන්නා ලද කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 800 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගන්නා ලද විශාලතම කොකේන් තොගය එයයි.

කොකේන් තොගය සොයා ගත් නෞකාව, කොළඹ වරාය හරහා එක්වදෝරයේ සිට ඉන්දියාව බලා යාත්‍රාකරමින් සිටි බව ද බලධාරීහු පවසති.

දකුණු ඇමෙරිකානු රටවල සිට යුරෝපය බලා ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍ය කිහිප අවස්ථාවකදීම අල්ලා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෑතදී සමත්විය.

සීනි ගෝනිවල සඟවා කොකේන් ප්‍රවාහනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානම උපායක් වන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සීනි ආනයනය සම්බන්ධයෙන් දැඩි විධිවිධාන හඳුන්වා දීමටද රේගු බලධාරීන්ට සිදුවිය.

එම විධිවිධාන හේතුවෙන් ශ්‍රී ලංකාවේ සීනි හිඟයක් ඇතිවිය හැකි බවට ආනයනකරුවෝ මේ අතර අනතුරු අඟවති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1163024554302452669

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item