හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත් කළ යුත්තේ පිටස්‌තරයෙක්‌ - රනිල්

බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස පත් කළ යුත්තේ පිටස්‌තර කෙනෙක්‌ බවද දේශපාලනීකරණයෙන් තොරව කටයුතු කළ හැක්‌කේ එවිට බවද අගමැති රනිල් වික්‍රමසිංහ ම...

බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස පත් කළ යුත්තේ පිටස්‌තර කෙනෙක්‌ බවද දේශපාලනීකරණයෙන් තොරව කටයුතු කළ හැක්‌කේ එවිට බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්‌වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පිටස්‌තර පුද්ගලයකු පත් කිරීම පිළිබඳ යුද හමුදාපතිවරයාට ස්‌තුතිය පුද කරන බවයි.බුද්ධි අංශය වැඩි වූ විට එය ව්‍යාපාරයක්‌ බවට පත්වන බවද කී අගමැතිවරයා හමුදා බුද්ධි අංශයට ඕනෑම අංශයක නිලධාරියෙක්‌ පත් කිරීමේ බලය හමුදාපතිවරයාට ඇතැයිද කීවේය.

වර්තමාන රජය නවීන ආරක්‌ෂක හමුදාවක්‌ සකස්‌ කරගෙන යන බවද ඇතැමුන් ඊට බියවී කෑගසන බවද කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඕනෑම සටනකට යෙදිය හැකි යානා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ජනපති ප්‍රමුඛ ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5274200520896714520

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item