ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ වැඩ යහපාලනයට පටහැනියි - එජාප

ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක් ඇති කිරීමට උත්සහ කරන බවට පාර...

ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක් ඇති කිරීමට උත්සහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව කළේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති - අගමැති නිසා ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට යන්න ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට කතා කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා. '' යයි ඔහු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාව නාමිකවම විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ද මෙහිදී අදහස් දැක්විය.

මෙම ආණ්ඩුවේ වැරැද්දක් තිබෙනවා නම් සියල්ල එකලෙස භාර ගත යුතු බවත්, නොරොච්චෝලේ බිඳ වැටෙද්දී පොහොර පිළිබඳ ගැටලු මතුවෙද්දී ඒවාට අදාල අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියා තමන් වගකීමෙන් නොගැලවුණු බවත් ඔහු කියා සිටියේය.

අතැමුන් ආණ්ඩුවේ වැරදි සියල්ල එක්සත් ජාතික පක්ෂයටද හොඳ සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යොදා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසිය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවද එජාප මන්ත්‍රීවරුන් මෙහිදී අවධාරණය කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 596466466279524921

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item