බූවල්ලන් අපනයනයට තීරණයක්
දකුණු කොරියාව සඳහා බූවල්ලන් අපනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව අවට මුහු...

https://www.sathhanda.com/2016/12/blog-post_26.html
ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්න මුහුදු කලාපය ආශ්‍රිතව සිදු කරනු ලබන මෙම නියමු ව්‍යාපෘතිය නාරා ආයතනයේ හා කොරියාවේ ඩේජින් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලිකත්වයෙන් සිදුවන බවත්, ඒ අනුව බූවල්ලන් ඇල්ලීම සඳහා විශේෂ උගුල් (Top shells) 100,000 ක් මේ වනවිටත් ශ්‍රී ලංකාව වෙත කොරියාවෙන් එවා ඇති බවත් එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා මුහුදු කලාපයේ බූවල්ලන් විශේෂ කිහිපයක් බහුලව දැකිය හැකි අතර, ඉන් එක් විශේෂයක් වන Cistopus taiwanicus නම් බූවලු විශේෂය කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.
ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඈත පෙරදිග රටවල් වන ජපානය, මැලේසියාව හා චීනය යන රටවල් සමගද ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Related