විදෙස්ගත ලාංකිකයින්ට විශ්‍රාම වැටුප හිමිවන්නේ මෙහෙමයි

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන වසරේ පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුක...

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන වසරේ පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ බව ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අදහස් දක්වමිනි.

එහිදී තලතා අතුකෝරළ ඇමතිවරිය මෙසේද පැවසී ය. 

“අවුරුදු 30කට 40 ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රය පැවතුනා. විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව යමක් කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළේ, ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රම වැටුපක්, ඒ අයගේ මෙරට පවුල්වල සුබසාධනය වෙනුවෙන් යෝජනා වුණේ. අමාත්‍යාංශය බාරගෙන දෙවන වසර වනවිට විදෙස්ගත පවුල්වල සුබසාධනයට ශ්‍රමික සුරැකුම් වැඩසටහන ක්‍රියාත්මක් කළා. 

මේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් ලියාපදිංචි කරද්දි බොරු ප්‍රචාර ඇරලා, ලක්ෂ 15 ක් විතර පිටරට ඉන්නවා කියන අයගෙන් 96000යි ලියාපදිංචි වුණේ. මෙමඟින් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය, පිළිබඳව අධීක්ෂණයක් නිලධාරීන් විසින් කරනවා. ගෘහ සේවයේ පුහුණුව අලුත් විදියට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. දින විස්සක් වූ පුහුණුව දින 40ක් දක්වා වැඩි කර තිබෙනවා.දැනට අධ්‍යාපනය පිළිබඳව අළුත් මුහුණුවරකින් සහ සෑම පසලකටම පහසුකම් ලබාදීලා, තරඟකාරීත්වය වෙනස් කරලා, අග්‍රාමත්‍යවරයාගේ නායකත්වයෙන් අධ්‍යාපන ඇමැතිවරයා කටයුතු කරනවා. 

විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. හොඳ පුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප්, ආරක්ෂාව ගැන උසස් තත්ත්වයට පත් කරන ගමන් ශ්‍රී ලාංකීය අභිමානය ආරක්ෂාවන ශ්‍රමිකයන් පිටරට යැවීමටයි බලාපොරොත්තු වන්නේ“ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 50,000 ක දායකත්වයක් දැරීමෙන් මෙම විශ්‍රාම වැටුප හිමිකරගත හැකි බව ඇමතිනිය පැවසුවාය.

මේ අතර පෙරේදා(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පැවසූයේ රජය එම විශ්‍රාම වැටුප පිරිනැමීම සඳහා රුපියල් බිලියන 2ක දායකත්වයක් සපයන බවයි.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් රුපියල් 50,000ක දායකත්වය බැගින් වසර 10ක් අරමුදල තුළ රැඳෙන අයෙකුට වයස අවුරුදු 60 පසු ජීවිත කාලය පුරා එම විශ්‍රාම වැටුප හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2963981315185334453

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item