හම්බන්තොට වරාය සේවකයින් වර්ජනය නවතා දමයි

දින අටක් තිස්සේ හම්බන්තොට, මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කිරීමට තීරණය කර තිබේ. පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අන...

දින අටක් තිස්සේ හම්බන්තොට, මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කිරීමට තීරණය කර තිබේ.

පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාවන් අනුව මෙලෙස තම සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළ බව වරාය සේවක කමිටුව පැවසී ය.

කෙසේ වෙතත් වරාය කළමනාකරණ සමාගමේ සේවයේ නියුතු සියලුම සේවක සේවිකාවන් අද(15) පස්වරු 2.00ට ප්‍රථම සේවයට වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලද පිරිස් සේවය අතහැර ගියා සේ සැලකීමට ක්‍රියාකරන බවත් වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ දිනයේ නිවේදනය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6880820586134862872

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item