එජාප මෙහෙයුමෙන් ශ්‍රීලනිප බල බිඳෙන හැටි

සුපිරි අමාත්‍යවරයෙකු ඇති කෙරෙන බව කියන යෝජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. හිටපු අමාත්‍...

සුපිරි අමාත්‍යවරයෙකු ඇති කෙරෙන බව කියන යෝජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ උවමනාවන්ට අනුව මෙම කෙටුම්පත සකස් කර ඇති බවයි.

ආණ්ඩුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සතු බලය තව තවත් දුර්වල කිරීම එහි අපේක්‍ෂාව බවද ඔහු කියාසිටියා.

යෝජිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් බොහෝ ආයතන දේශපාලන අතකොළුවක් බවට පත්වන බවටද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් චෝදනා කරනවා.

බලය තනි පුද්ගලයෙකු වෙත කේන්‍ද්‍රවීම මගින් දූෂණය සඳහා ඇති ඉඩකඩ වැඩි වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මීට ප‍්‍රතිචාර දැක්වුවා. ඔහු පැවසුවේ මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන්නේ බලය වෙනුවෙන් නොව සංවර්ධන කි‍්‍රයාවලිය වඩා වේගවත් කිරීමට බවයි.

නීතිවිරෝධී ආකාරයෙන් කිසිඳු කෙටුම්පතක් සම්මත නොකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලය සතු බලතල හෝ ජනාධිපතිවරයාගේ බලය අභියෝගයට ලක් කිරීමක් මෙම යෝජිත කෙටුම්පතෙන් සිදු නොවන බවද ඔහු පැහැදිළි කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 801668509546902642

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item