හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 83 වන වි...

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 83 වන වියේ පසුවූවා.

ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඔහු සැලකුණු අතර අනෙක් දේශපාලනඥයා වන්නේ හිටපු තවත් අගමැතිවරයෙකු වන දිමූ ජයරත්න මහතාය.

ඒ අනූව හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාද පසුගිය 20 වැනිදා රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබුණි.

රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු එවකට ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා කටයුතු කළ අතර 2010 වසරේදී නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්කරනු ලැබුවේ දිමූ ජයරත්න මහතාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7821922412623930821

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item