මන්ත්‍රී වරප්‍රසාද යටතේ හිරුනිකා පැවසු දුමින්දගේ හිරගෙදර පාටිය බොරුවක් – වාර්තාවකින් හෙළිවෙයි
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේදී උපන්දින සාදයක් පැවැත් වූ බවට පල වූ වාර්තා අස...
https://www.sathhanda.com/2016/12/blog-post_49.html?m=0
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේදී උපන්දින සාදයක් පැවැත් වූ බවට පල වූ වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ අදාළ වාර්තා සම්බන්ධයෙන් තමන් කැඳවූ වාර්තාවකට අනුව එම මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පෙනී යන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර බන්ධනාගාරය තුළ පැවැත් වූ සාදයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයන් පිළිබඳ විවාදයේදීයි.

Related