බුර්කා දමා මූණත් වසා විභාගේට ඇවිත් -නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක් කැළඹෙයි – ශාලාධිපති නීතිය අකුරට කරද්දී දෙමව්පියෝ යකා නටයි

බුර්කාව පළඳා විභාග මධ්‍යස්ථානය තුළට මුස්ලිම් ශිෂ්‍යාවන් ඇතුළත් වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාවලපිටිය ශාන්ත මේ...

බුර්කාව පළඳා විභාග මධ්‍යස්ථානය තුළට මුස්ලිම් ශිෂ්‍යාවන් ඇතුළත් වීමට ශාලාධිපතිනිය ඉඩ ලබානොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේදී නොසන්සුන් වූ දෙමාපියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට පැමිණිලි කිරීමට ඊයේ (07දා) පියවර ගෙන තිබේ.

මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ බුර්කාව ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසිලෙස විභාගයට පෙනී සිටීයට නොහැකිවූ බව එම සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

විභාගය මධ්‍යස්ථානය අසල ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද ප්‍රේමසිරි එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය.

මෙම සිද්ධිය පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ විමසීමේදී ඔහු සඳහන් කළේ, විභාගයට පෙනී සිටින අපේක්ෂකයාගේ හැඳුනුම්පත අනුව සැබෑ පෙනුමේ වෙනසක්ද නොතිබිය යුතු බවයි. ඒ අනුව විභාග නීතිරීතිවලට අනුව ශාලාධිපතිනිය හා පරීක්ෂකවරුන් ක්‍රියාකර ඇති බවත්, සංස්කෘතිය පදනම් කරගනිමින් දෙමාපියන් අනවශ්‍ය කලබලයක් ඇති කර ඇති බව තහවුරු වී ඇති බවත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6968753059607824979

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item