අම්පිටියේ හිමියන්ට දෙමළෙන් සිතාසියක් – ‘‘මට තේරෙන්නෙත් නෑ පොලීසියට ගත්තම කට් කළා‘‘

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හට සිතාසි එවා තිබෙනවා. ඒ බව සඳහන් කරමින් උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුමේ මීට සුලු මොහොතකට පෙර සටහනක් පළකර ...

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හට සිතාසි එවා තිබෙනවා.

ඒ බව සඳහන් කරමින් උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුමේ මීට සුලු මොහොතකට පෙර සටහනක් පළකර තිබුණා.

එහිදී උන්වහන්සේ පවසා තිබුණේ මේ වෙනුවෙන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් වීම සදහා සිංහල නීතීඥවරුන් මෙම ප්‍රදේශයේ නොමැති වීම විශාල ගැටළුවක් ව ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට හෝ සහය දැක්වීමට හැකි නීතිඥවරුන් සිටී නම් පහත දුරකථන අංකයට අමතා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට දායක වන ලෙස උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටියා.

එහිදී උන්වහන්සේ පවසා සිටියේ දෙමළ භාෂාවෙන් සිතාසිය එවා ඇති නිසා තමන් වහන්සේටද මෙය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවයි.

පසුව තමන් වහන්සේ මඩකළපුව පොලීසියට මේ සම්බන්ධව පවසමින් දුරකථන ඇමතුමක් ගත් බවත්,පොලීසිය විසින් එම දුරකථන ඇමතුම විසන්ධි කළ බවත් උන්වහන්සේ පවසා සිටියා.

065 2222 104, 0771791883

අධිකරණයේ කැදවා ඇති දිනය – 2016.12.14 (මහේස්ත්‍රාත් උසාවිය, මඩකලපුව)



Neth news



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7958645413552449207

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item