නාවික හමුදාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි

හම්බන්තොට වරායේදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී රෝෂාන් දිලීප් කුමාර මතු ආරක්ෂාව පතා හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරී කාර්යා...

හම්බන්තොට වරායේදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී රෝෂාන් දිලීප් කුමාර මතු ආරක්ෂාව පතා හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කගොනු කර තිබේ.

කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිහකු තමාට කුණුහරුපෙන් බැණ පහරදුන් බවත් ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. 

මේ ගැන තමන් සේවය කරන මාධ්‍ය ප්‍රධානින්ට දැනුම්දී මතු ආරක්ෂාව පතා මෙම පැමිණිල්ල දැමූ බවත් මාධ්‍යවේදී රෝෂාන් දිලීප් කුමාර මහතා සඳහන් කරන අතර නාවික හමුදාපතිවරයා තමාට පහරදුන් ආකාරය පිළිබඳව සිය පැමිණිල්ලේ සවිස්තරව සඳහන් කර තිබෙන බවද පැවසේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8429105823635906754

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item