තුර්කියේ ද්විත්ව බෝම්බ පිපිරීමෙන් ජීවිත හානි රැසක්

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත 166 දෙනෙකු තුවාල...

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත 166 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම පිපිරීම් දෙක කාර් බෝම්බයක් හා පොලීසිය ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ප්‍රහාරයෙන් පසුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. බේසික්ටාස් ක්‍රීඩාගංණයෙන් ක්‍රීඩා ලෝලීන් ඉවත්ව පැය දෙකකට පමණ පසුව පිපිරීම් සිදුව ඇති බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැතත්, මෙයද පසුගිය කාලය පුරාවට තුර්කියේ ප්‍රහාර එල්ල කළ අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් විය හැකි බව විශ්වාස කෙරෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8431888373266051189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item